පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා පැවැති කළු ඉරිදා (07) විරෝධතාවට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී පිරිස් උද්යෝගයෙන් සහභාගී වනු දැකගත හැකි විය.
සියලු ම විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් ඒ සඳහා එකතු වුව ද හරීන් ප්‍රනාන්දු දක්නට සිටියේ නැත.
ඒ සඳහා සමගි ජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබා ලබා දෙන බවත් සඳහන් කර තිබුණ ද විරෝධතාව මඟ හැර ගිය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් ගැසීමට ගොස් තිබේ.
ඒ බව ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ ඇතුළත් කර ඇති ඡායාරූපවලින් තහවුරු වෙයි.