දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණය හමුවේ අද (09) රිට් පෙත්සමක් ගොනු කළේ ය.
මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද සිය රිට් පෙත්සම මගින් පෙන්වා දෙයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත.