මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ස්විට්සර්ලන්ත ජනතාව ඡන්දය දුන්හ. ඊයේ (07) පැවැති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8%ට 51.2% වශයෙන් දැක්විණි.
මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේ ය. කාන්තාවන් පැළඳිය යුත්තේ කුමක්ද යන්න නිගමනය කිරීම රාජ්‍යයට අයත් කාර්යයක් නොවන බව දක්වමින් මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු දිනයක්” වූ බව ස්විට්සර්ලන්තයේ ප්රමුඛ ඉස්ලාමීය කණ්ඩායමක් විසින් හඳුන්වා දෙනු ලැබිණි.
කෙසේ වෙතත්, මුස්ලිම් ප්‍රජාවට අයත් වෙනත් අය මෙම තහනමට සහය දක්වයි. මෙය ස්විට්සර්ලන්තයේ සිටින මුස්ලිම් කාන්තාවන් නිදහස් කිරීමට ඉවහල් විය හැකි බැවින් තමන් එම තහනමට සහය දුන් බව ඔහු කීය.
යෝජිත තහනමට එරෙහිව අදහස් පළකරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය, “මෙය භාෂණයේ නිදහස හා ආගමට ඇතුළත් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරන භයානක ප්‍රතිපත්තියක්” යැයි කියා සිටියේය.
ප්‍රසිද්ධියේ ඉස්ලාමීය හිස් ආවරණ පැළඳීම යුරෝපයේ අනෙකුත් රටවල ද අර්බුදකාරී මාතෘකාවක් බවට පත්ව ඇත. ප්‍රසිද්ධියේ පූර්ණ වශයෙන් මුහුණ වැසෙන ආවරණ පැළඳීම ප්‍රංශය විසින් 2011 වසරේ දී තහනම් කරන ලද අතර එවැනි පූර්ණ හෝ අර්ධ වශයෙන් තහනම් පැනවීමට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා බල්ගේරියාව ද පියවර ගෙන තිබිණි.