පාස්කු ප්‍රහාරයේ වගකීම මං භාර ගන්නවා…! – සජිත් ප්‍රේමදාස…

March 7, 2021 at 10:42 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය අපේ රටට සිදු වූ මහා දැවැන්ත විනාශයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම කාල වකවානුව තුළ මේ රටේ බලය හෙබ වූයේ තම රජය බව ද ඔහු සඳහන් කරයි.

එහෙයින් පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්න බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය.

වගකීම්වලින් පැන යාමට තමන් සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේ ය.

අද (07) බූන්දල පැවැති 52 වැනි විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *