කොරෝනා මෘතදේහ භූමදානය සඳහා අවසර ලබා දෙමින් ගැසට්ටුව නිකුත් කළ පසු එය නීතිය බවට පත්වන නිසා භූමදානය සඳහා මුලින් ම ඉරණතිව් දූපත තෝරාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන පවසයි.
කෙසේ වුව ද පළාත් බලධාරීන්ගේ කමිටුවක් මගින් එක පළාතක එක කොරෝනා මෘතදේහ භූමදාන සුසාන භූමියක් නම් කිරීම පිණිස කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.
එතෙක් ඉරණතිව් දූපත භූමදානය සඳහා තෝරා ගත් බවත් ඒ අධ්‍යයනයකට පසු බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි. ඉරණතිව් දූපත කෙටි කාලයක් සඳහා භූමදානයට භාවිත කරන බවත් එහි ද කෙළවරේ එක කොටසක් මේ සඳහා යොදාගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.