කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂද සිල්වා මෙම ධුරයෙන් ඉවත්කර ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
ඒ සඳහා හේතු වී ඇත්තේ ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම යැයි ද එහිමියෝ අනාවරණය කරති.
අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි උන්වහන්සේ පැවසූහ.
සිය විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කළේ ය.