10 දෙනෙකුට සෑහෙන කොරෝනා එන්නත් කුප්පිය එක් අයෙකුට විදලා…..!

February 11, 2021 at 12:17 pm | by emanisa.lk

මෙරටට ඉන්දියාවෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඔක්ස්ෆර්ඩ් -ඇස්ට‍්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දන එන්නත් කුප්පියක් 10 දෙනකුට එන්නත් කළ හැකිව තිබිය දී ඇතැම් එන්නත් මධ්‍යස්ථානවල එක් කුප්පියක් එක් අයකුට පමණක් එන්නත් කළ අවස්ථා කිහිපයක් පිළිබඳව වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසීය.

මෙය සෑම එන්නත් මධ්‍යස්ථානයක ම සිදුව නැති නමුත් එසේ එක් කොවිෂීල්ඩ් එන්නත් කුප්පියකින් 10 දෙනකුට එන්නත් නොකර එක් අයකුට පමණක් එන්නත් කළේ නම් එහි දී එන්නත් දියර විශාල ප‍්‍රමාණයක් අපතේ යන්නට ඇති බව එම ආරංචි මාර්ග කීවේය.

ඉන්දියාවේ ‘සීරම්’ ආයතනය මගින් නිපදවනු ලැබ මෙරටට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත් මාත‍්‍රා පන් ලක්ෂයක ප‍්‍රමාණයක් මෙම දිනවල කොරෝනා මර්දන සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සාමාජිකයන්ට එන්නත් කිරීම සිදු කෙරේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *