ශ්‍රී ලංකාව යුධාධිකරණය හමුවට පමුණුවනු! – යාපනේ උපවාස..

March 1, 2021 at 3:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි  ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට අද (28) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මෙම උපවාසය ආරම්භ කරමින් අදහස් දැක්වු වේලන් ස්වාමි පැවසුවේ ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

තවද ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු විය යුතු බවද වේලන් ස්වාමි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *