ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව සීලරතන හිමි අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුර සඳහා නාමයෝජනා ලබා දී තිබේ.
උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එහිමියන් නාමයෝජනා භාර දී තිබේ.
කිසිවෙකුට පැය 24ම ක්‍රීඩාව සඳහා කැපවිය නොහැකි වුව ද භික්ෂුවකට හැකි බව සීලරතන හිමි ප්‍රකාශ කළේ ය. තමා විධායක ජනාධිපති ධුරයටත් තරඟ කර ඇති නිසා මෙය කුඩා තණතුරක් බව ද එහිමියන් ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ සමාජ මාධ්‍යවල ද විවිධ අදහස් ප්‍රකාශ වී තිබූ අතර සීලරතන හිමියන්ට තවත් ඉදිරිපත් වීමට ඇත්තේ මිස් ශ්‍රී ලංකා තරඟයට පමණක් බව ද එහි සඳහන්ව තිබේ.