භාතීය-සන්තුෂ් මහ හොරකමක…..! සුනිල්-රෝහණ ගායක සංගමයෙන් ඉල්ලා අස්වෙයි….!

February 24, 2021 at 7:25 am | by emanisa.lk

මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයේ ඔවුන් දරන ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්‍යාපාරික කටයුත්ත යොදාගෙන ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම ලිපිය යවා තිබේ.

චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද එකී ගීතය ඔවුන් විසින් යොදාගෙන බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීම සිදුකර ඇති බව ඔවුන් කියා සිටී.

ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට එකඟ වුවත් මෙතෙක් එය ගෙවීමට කටයුතු කර නැතැයි ද ලිපියේ සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *