බෞද්ධයින්ට අටපිරිකර පූජාකර පාංශුකූලය දීමේ අයිතිය ලබා දෙනු…! – මරික්කාර්…

February 23, 2021 at 9:07 pm | by emanisa.lk

ජලයෙන් කොරෝනා රෝගය බෝ නොවන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව එස්.එම්. මරික්කාර් පවසයි.

එසේ ම මහාචාර්ය ජෙනිෆර් පෙරේරා කමිටු නිර්දේශ මත පදනම්ව අගමැතිවරයා ද භූමදානයට ඉඩ ලබා දිය හැකි බව සඳහන් කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් ජලයෙන් බෝ වන කොලරාව ආසාදිතව මිය ගිය අයට ද ලැබුණු භූමදාන අයිතිය අද කොරෝනා ආසාදිතව මිය යන අයට අහිමිව ඇතැයි මරික්කාර් සඳහන් කරයි.

මහින්ද සුළඟේ එල්ලී බලයට පත් ආණ්ඩුවට අගමැතිවරයාගේ ඉල්ලීමට හෝ ගරු කර භූමදාන අයිතිය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

එසේ ම මුස්ලිම් ජනතාවට පමණක් නොව බෞද්ධ ජනතාවට ද අටපිරිකර පූජා කර පාංශුකූලය ලබා දීමේ අයිතිය හිමි විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

අද (23) භූදමාන අයිතිය ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *