මෙවර IPL තරඟාවලියට කිසිදු ලාංකික ක්‍රීඩකයෙක් නෑ….! වෙන්දේසීයේ දී තුට්ටුවකටවත් නොවිකිණේ…..!

February 19, 2021 at 8:06 am | by emanisa.lk

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ සිදු විය.

එහෙත් මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ අලෙවි නොවීය.

මේ සඳහා ලොව පුරා ක්‍රීඩකයින් 292ක් එකතු වූ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 09ක් ඒ අතර විය.

මෙතෙක් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉහළ මිළ ගණන්වලට එම තරඟාවලියේදී අලෙවි විය.

මෙරට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නායකත්වය පවා දරනු ලැබ තිබේ.

IPL ඉතිහාසයේ කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා නොකරන තරඟාවලිය ලෙස මෙවර තරඟාවලිය ඉතිහාසගත වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *