විදෙස් දූත සේවයට යැවිය යුත්තේ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ ආණ්ඩුවට හිතවත් පිරිසක් බව ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
එසේ නොමැතිව ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් විදෙස් දූත සේයට යැව්වහොත් ඔවුන් ආණ්ඩුවට විරුද්ධව ඒ රටවල කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.
සිය දුව විදෙස් සේවයට එකතු වූයේ ද උපාධියක් සහිතව සුදුසුකම් සම්පූර්ණ කර බව ද ඔහු අනාවරණය කළේය.
රණතුංග කෙනෙක් වූ පමණින් එවැනි පත්වීමක් ලබා ගැනීමට නොහැකි වීමට කිසිම හේතුවක් නැතැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ ය.