තමා ජීවිතය නොතකා හැදූ රට තවත් පිරිසක් බලයට පැමිණ විනාශ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
එහෙයින් මේ රට කිසිදා ඉදිරියට ගෙන යා නොහැකි බව ද ඇය අවධාරණය කළා ය.
තරුණ උගත් හොරකම් නොකරන දේශපාලන ව්‍යාපාරයක් කර නොගන්නා තම වියදමින් රටට සේවය කරන පිරිසක් රටට උවමනා කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරිය සඳහන් කළා ය.
විජය කුමාරතුංග අද ජීවත්ව සිටියේ නම් මුහුදට පනිනු ඇතැයි ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.
අද (15) විජය කුමාරතුංග අනුස්මරණ වැඩසටහනකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මේ බව සඳහන් කළා ය.