සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා තවම ගෙදර….! චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමති ධුරයට….!

February 16, 2021 at 2:14 pm | by emanisa.lk

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ ද මහාචාර්ය චන්න ජයසුමන ය.

විෂයභාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන පත් කරනු ලැබ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රොෂාන් රණසිංහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබේ.

ඔහු ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *