පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොඩිඩ් එන්නත අද සිට….!

February 16, 2021 at 7:48 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ වෙයි. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු වි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනයේ එන්නත් කිරීමක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිත බවය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීම ඊයේ ආරම්භ කළ අතර ඒ යටතේ කොළඹ මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවයේ නියුතු 552 දෙනෙකුට එන්නත් ලබා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *