ඉන්දියානු ව්‍යාප්තවාදය නැවතත් හොල්මන් කරයි…! මෝදිගේ පක්ෂය ලංකාවේ ඡන්දය ඉල්ලන්න සූදානම්…

February 15, 2021 at 11:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශකරයි.

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවක දී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවය.

ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශකර ඇති ඉන්දීය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බව වාර්තා වේ.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බව ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස