දෙවනගල පුද බිමට නැවතත් අන්තවාදී ප්‍රහාරයක්….! මායිම් ගල් ගලවා පුදබිමේ කොටසක් ඩෝසර් කරලා….!

February 15, 2021 at 8:15 am | by emanisa.lk

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයට අයත් අක්කර 85ක් මැනුම් කටයුතු කර සලකුණු යොදා සිටුවන ලද මායිම් කණුවලින් කොටසක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් ගලවා තිබේ.

ඉකුත් 12දා මෙලෙස මායිම් කණු ගලවා ඉවත් කර පූජා භූමියට අයත් ඉඩමේ කොටසක් ඩෝසරයක් යොදා සුද්ද කර ඇතැයි විහාරාධිකාරී මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පැවසූහ.

කෑගල්ල මිනින්දෝරු කාර්යාලය මගින් පසුගිය වසරේ සැප්තැම්බර් මස ඉපැරණි පිඹුරුපත් අනුව මැණුම් කටයුතු සිදුකර තිබුණි. මේ සඳහා රජය මගින් රුපියල් 185366.58ක් වැයකර ඇත.

මෙහි ගලවා ඉවත් කරන ලද මායිම් කණු මාවනැල්ල පොලිසිය, ග‍්‍රාම නිලධාරී සහ විහාරස්ථ දායක සභාව විසින් නැවත සිටවා ඇත.

කෙසේ වුව ද මෙම නීති විරෝධී ක‍්‍රියාව සිදු කළ පුද්ගලයන්ට එරෙහිව මාවනැල්ල පොලිසිය නීතිය ක‍්‍රියාත්මක කර නොමැති බව මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *