මේ රට ගොඩගත හැකි එක ම නායකයා රනිල්….! – වජිර

February 12, 2021 at 11:07 pm | by emanisa.lk

ජාත්‍යන්තර වශයෙන් ද දේශීය වශයෙන් ද විනාශ වන ලංකාව ගොඩගත හැකි එක ම නායකයා එජාප නායක රනිල් වික්‍රමසිංහ බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

ශ්‍රීලනිපයට 1958 සිට වසර 40ක් සිරිමා බණ්ඩාරනායක නායකත්වය දුන් බව සඳහන් කළ එජාප සභාපතිවරයා අවසානයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට ජනාධිපති ධුරයට පත්වීමට හැකි වූයේ එම නායකත්වය නිසා බව ද සඳහන් කළේ ය.

මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා දුන් නායකත්තවය නිසා බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එජාපය විනාශ කිරීමට නම් රනිල් වික්‍රමසිංහ විනාශ කළ යුතු බවත් පක්ෂයේ පිරිසක් එම කොන්ත්‍රාත්තුව ඉටු කළ බවත් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ ය.

යුගයේ අවශ්‍යතාව අනුව මේ රට ගොඩනැඟීමට නම් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ සිටිය යුතු බවත් තමා නිවැරදි ආස්ථානයේ සිටගත් නිසා මන්ත්‍රීවරයෙකු වීමට වඩා සතුටින් සිටින බවත් සඳහන් කළේ ය.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස