නැඟෙනහිර පර්යන්තය බේරා ගැනීමේ සටනට වියත්මග නියෝජනය කරන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවාගේ හෝ ආචාර්ය ප්‍රියත් බන්දුගේ ආශීර්වාදය නොලැබුණු බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
ඔවුන් දෙපළ සිදුකළේ වරාය සටන ඉදිරියට යන අතර තුර ඒ සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදී සේවක සටන මැද්දට පැන වරාය සේවකයන් අවසාන එකඟතාවකට පැමිණ නොතිබූ ලියවිල්ලක් කෙසේ හෝ වරාය සේවකයන්ගෙන් රැගෙන ගොස් එම සටන දිය කිරීමේ උත්සහායක නිරත වීම බවට ද වසන්ත බණ්ඩර චෝදනා කරයි.
එය ආචාර් ධාර්මික වශයෙන් වරදක් බව පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මෙමගින් රජය බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම ආණ්ඩුවේ තීන්දුවක් නොවන බව පෙන්වීමටත් වෘත්තීය සමිති සටනට පාවා දුන් බවට පණිවිඩියක් ලබා දීමටත් කටයුතු කර ඇතැයි පෙන්වා දෙයි.
ඉරිදා ලංකාදීප පුවත්පතට ලිපියක් සපයමින් ඔහු මේ බව පවසා තිබේ.