නිදහස් දවසේ සිංහලෙන් ජාතික ගීය කීම ප්‍රෝඪාවක්…! බෞද්ධ කොඩි දැමීම බයියන්ට මානසික අල්ලස් දීමක්…! – චමීර පෙරේරා…

February 6, 2021 at 10:44 am | by emanisa.lk

නිදහස් දා නිදහස් චතුරස්‍රයට යන මඟ දෙපස තිබුණේ ජාතික කොඩි නොව බෞද්ධ කොඩි බවත් මේ ආණ්ඩුවට ජාතික උත්සවයේ වටිනාකම නොවැටහෙන්නේ ද යන පැනය ඇති බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

බෞද්ධ කොඩි දැමිය යුත්තේ වෙසක් උත්සවයට බවත් මෙවැනි ප්‍රෝඪා ජනතාවට ලබා දෙන මානසික අල්ලස් බවත් ය.

ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කිරීම අර්බුදයක සිටින අතර 69 ලක්ෂයක් ජනතාවගේ සිත නිවන කතාවක් බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් අනාගතයේ ජාතික ගීය චීන හෝ හින්දි බසින් කීමට සිදුවනු ඇතැයි ජනතාව කියන බව ද චමීර පෙරේරා ප්‍රකාශ කළේ ය. නො එසේ නම් චීන ජාතික ගීය හෝ ඉන්දීය ජාතික ගීය නිදහස් දිනයේ කීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *