යාපනේ නව නගරාධිපති වැඩ අල්ලයි…! නාම පුවරුවල සිංහල නම් පහත දමයි…!

January 30, 2021 at 10:50 am | by emanisa.lk

යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයා සියලු වගකීම් හා රාජකාරී පසෙක ලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවට වාර්තා වෙයි.

යාපනය, මුන්නේස්වරන් වීදියේ අලුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ නාම පුවරු පළමුව සිංහල භාෂාවත් දෙවනුව දෙමළ භාෂාවත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවත් යොදා ගෙන තිබිණි. යාපනයේ දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉතා තදින්ම විරෝධය පළ කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දොස් පවරා ඇත.

මේ හේතුවෙන් යාපනයේ නව නගරාධිපතිවරයා සියලු රාජකාරී පසෙක ලා මේ දිනවල එම ප්‍රදේශයේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට නාම පුවරු ඉහළින් ම දෙමළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යන්නේ මේ ආකාරයෙනි.

යාපනේ පාසල් සිසුන් තමන් සිංහල උගනීමට ඉතාමත් ආශාවෙන් සිටින බවත් තම පාසලට සිංහල ගුරුවරුන් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයකි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස