ආණ්ඩුවේ පිරිසක් ජනාධිපතිගේ වැඩපිළි‍වෙළට අකුල් හෙළනවා..! පළාත් සභා ගැන සංවාදයක් හදන්නත් බාධා කරනවා…! – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්…..

January 30, 2021 at 8:25 am | by emanisa.lk

ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසයක් නොමැතිව දිගින් දිගට ම ඔහුගේ වැඩපිළිවෙළට බාධා කරන සුළු පිරිසක් ආණ්ඩුව තුළ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

“අපි ජනාධිපතිවරයෙක් තෝරා පත්කරගත්තා අවුරුදු 5කට. එතුමා අපට වගකීමෙන් කියලා තියෙනවා එතුමාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. අපිට එතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. එතුමාට වැඩ කරන්න අවස්ථාව අවකාශය දෙන්න ඕනෙ එතුමාගේ කකුලෙන් අදින්නේ නැතුව.

ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එක පාර්ශ්වයකට කරන්න බෑ. මේ වෙලාවෙ මේ රටේ විපක්ෂය බොහොම දුර්වලයි, විපක්ෂය ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නෑ. එහෙම වුණත් විපක්ෂයේ කාර්යභාරය මේ ආණ්ඩුවේ ඉන්න සමහරක් කරන්න යෑම සුදුසුයි කියලා මං හිතන්නෙ නෑ. ඒ වගේම පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපි ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළේ 100%ක් ඉන්නවා, එතුමාට දෙන්න ඕනෙ සහාය ඉදිරියටත් ලබාදෙනවා.

20 ගේන්න ගියා විරුද්ධයි. පළාත් සභා මැතිවරණය ගේන්න ඕනෙ ද එපා ද කියලා අපි කතිකාවතක් ඇතිකරගන්න හැදුවා, ඒකට විරුද්ධයි. වෙන මොනවා ගේන්න හැදුවත් මේ ආණ්ඩුවෙම ඉන්න සුළු පිරිසක් ඒ ආණ්ඩුවෙම වැඩපිළිවෙළට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ජනතාවත් නිකම් තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නෙ කියලා. පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපට මේක බලාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. ආණ්ඩුව කරන අය ආණ්ඩුව කරන්න ඕනෙ, විපක්ෂය කරන අය විපක්ෂය කරන්න ඕනෙ කියලා අපි කල්පනා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස