නැඟෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමක් හෝ සින්නක්කර ලියා දීමක් කිසිසේත් සිදු නොවන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
ඉන්දියාව දියුණු විශාල රටක් බවත් ඔවුන් සමග එකතු වී ව්‍යාපාරයක් කිරීම සඳහා ආණ්ඩුව සූදානම් වූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඉන්දියාව මෙම ජැටියේ කටයුතුවලට සම්බන්ධ කරනොගතහොත් ඔවුන් වෙනත් විකල්පයක් වෙත යන බව දැනට ම පවසා ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
ඔවුන් සමඟ එකතු නොවී ජැටිය හැදුවොත් සිදුවන්නේ වරාය තියා ගෙන මුහුදේ යන නැව් දෙස බලා ගෙන සිටීමේ යථාර්ථයට මුහුණ දීමට බවත් ඇමැති චන්ද්‍රසේන අවධාරණය කරයි.
එසේ වුවහොත් එහි ආදීනව අනාගතයේ දී වැටහෙනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.