කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට යයි….!

January 20, 2021 at 9:53 am | by emanisa.lk

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

මීට සතියකට පමණ ඉහත දී කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවෙසට ගිය බවත්, එහි දී කපු මහතා තමාට බැණ වැදී තර්ජනය කරන්නට පටන් ගත් බවත්, ඉන් අනතුරුව තමාට පහර දුන් බවත් අදාළ වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස