රංජන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමියි….! – නීතිපති පාර්ලිමේන්තු මහ ලේකම්ට දැනුම් දෙයි….

January 19, 2021 at 9:12 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායකගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමෙන්තු මහලේකම්වරයාට සඳුදා (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අනුව රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන හිස් වන අතර බොහෝ දුරට ඒ සඳහා සමගි ජන බලවේග ගම්පහ ලැයිස්තුවේ පරාජිත ලැයිස්තුවේ වැඩි ම මනාපලාභියා පත්වනු ඇත.

එම ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් මාන්නප්පෙරුම ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *