රාජපක්ෂ පුත්තු රට ඉන්දු-චීන කොලනියක් කරනවා….! රට වැසියනි, මා සමඟ සටන් පෙරමුණට එන්න…! – මර්වින් සිල්වා….

January 18, 2021 at 3:33 pm | by emanisa.lk

එජාප ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම බලයට පැමිණ නිවැරදි කරන බවට පොරොන්දු වූ බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

ඩී.ඒ. රාජපක්ෂ නිහතමානී ශ්‍රේෂ්ඨ දේශපාලකයෙක් බවත් ඔහුගේ පුත්තු කරවන ආණ්ඩුව යටතේ දකුණ චීන කොලනියක් වී කොළඹ වරාය බස්නාහිර ඇතුළු ඉතිරි පළාත් ඉන්දීය කොලනියක් වන්නේ නම් පක්ෂ ජාති ආගම් කුළ පන්ති භේද එකතු වන ලෙසත් ඒ සටනේ පෙරමුණ ගැනීමට තමන් ද එන බවත් ඔහු සඳහන් කරයි.

මේ ආණ්ඩුව බලයට පත්කළ මහා සංඝ රත්නයට පාරට පැමිණ වරාය ඉන්දියාවට දීම නතර කරන ලෙස දෙපා නැමැද ඉල්ලා සිටින බව ද මර්වින් සිල්වා කියයි.

හනුමා වලිගේ ගිනි තියාගෙන ආවා වැනි කාලයක් නැවත උදා වන්නට ඉඩ නොතබන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *