ෆයිසර් එන්නත ලබා දුන් තවත් 23ක් මරුට…!

January 17, 2021 at 9:17 am | by emanisa.lk

කොරෝනා වෛරස රෝගයට එරෙහිව නිපද වූ ෆයිසර් එන්නත ලබා දුන් නෝවේජියානු ජාතිකයන් 23 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස දින කිහිපයක් ඇතුළත මිය ගොස් ඇත්තේ ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීමෙන් අනතුරුවය. මේ අතරින් 13 දෙනෙකු වැඩිහිටි නිවාසවල සිටි අය වන අතර මෙම මිය යාමට හේතුව එන්නතෙහි අතුරු විපාක බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම මරණ වාර්තා වූයේ ෆයිසර් එන්නත ලබා දීම නිසා පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වී සතියකට පසු ය. මේ අනුව මෙතෙක් ෆයිසර් එන්නත ලබා දීම නිසා ඇති වූ අසාත්මිකතා නිසා නෝර්වේ මරණ 25ක් වාර්තා වෙයි.

මේ වන විට නෝර්වේ කොරෝනා ආසාදිතයන් 57 000ක් සහ මරණ 500කට වඩා වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *