ජාත්‍යන්තර මැණික් වෙළඳපොළ රත්නපුරට…! රු. මිලියන 365ක මැණික් කුළුනක් ඉදිවෙයි…!

January 15, 2021 at 5:50 pm | by emanisa.lk

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන ඉදිකිරීමට සුබ මොහොතින් මුල්ගල තැබීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් අද (15) රත්නපුර දෙමුවාවකදී සිදුකෙරිණ.

මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස විසින් සිදු කළ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ඇතුළු එම ආයතනයේ සේවක පිරිස උත්සවය සංවිධාන කර තිබිණි.

මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සුබ පැතුම් එක් කළ අතර සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රත්නපුර දිස්ත්‍රික් කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගි වී සිටියහ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස