යුක්‍රේන සංචාරක යානා අලුත් වෙළඳපොළක් තනයි…! මත්තලින් යුක්‍රේනයට Seafood අපනයනය අරඹයි…!

January 9, 2021 at 10:55 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට පැමිණෙන යුක්‍රේන සංචාරකයින් රැගෙන එන ගුවන් යානා යොදා ගෙන යුක්‍රේනයට මුහුදු කෑම (seafood) අපනයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පළමු ආහාර තොගය පසුගිය දා යුක්‍රේනයට යැවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බව ගුවන් සේවා අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනදාස පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ උපායමාර්ගික වශයෙන් වැදගත් මගී ගමනාන්තයක් මෙන් ම කාගෝ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ද වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරගෙන යන බව ද සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස