ආචාර්ය දයාන් ජයතිලක වියත්මඟින් සජිත්මඟට…..! සජිත්ගේ උපදේශක ලෙස නැවතත් දේශපාලන පිටියට…!

January 6, 2021 at 9:39 am | by emanisa.lk

ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක සමගි ජන බලවේගයට එකතු වී තිබේ.

ඒ සමඟ ම දයාන් ජයතිලක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට ද පත්කර තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දයාන් ජයතිලක කලක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභාපති ධුරය දැරූ වියත්මඟෙහි ප්‍රමුඛ කථිකයෙකු ලෙස කටයුතු කළේ ය.

2015 වසරේ මහින්ද සුළඟ ජනරැලි මාලාව ආරම්භ කළ සුප්‍රකට නුගේගොඩ ජන හමුවේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂගේ පණිවිඩය ප්‍රකාශයට පත්කළේ ද දයාන් ජයතිලක ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *