ආණ්ඩුවට 2/3ක් ගන්න ඉඩ දෙන්න එපා! රටම ලේ සාගරයක් වෙයි! – දයාන් ජයතිලක

July 9, 2020 at 10:20 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට කිසිසේත්ම 2/3 බලයක් ලබාදිය යුතු නැති බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති දයාන් ජයතිලක සඳහන් කරයි.

කොළඹදී පැවති විද්වත් හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව 2/3 බලයක් ලබා ගැනීම වැළැක්වීම සෑම පුරවැසියෙකුගේම යුතුකම බවයි.

තුනෙන් දෙකේ බලය සහිතව පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන ආණ්ඩු කාල තුළ දී ශ්‍රී ලංකාව ලේ සාගරයක් වූ බවත් එනිසා වර්තමානයේ කිසිවෙකුට 2/3ක් ලබාදිය යුතු නැති බවත් ඔහු පැවසීය.

2/3 බලයකින් 13 සංශෝධනය හා 19 සංශෝධනය වෙනස් කළ හැකි බවත් 19 සංශෝධනය අහෝසි කළොත් දැනට ඇති බලවත් මැතිවරණ කොමිසම අහෝසි වනු ඇති බවත් ඔහු පැවසීය.

13 වෙනි සංශෝධනය ඉවත් කළහොත් නැවතත් උතුරු ප්‍රදේශයේ ප්‍රශ්න ඇති වනු ඇති බවත් ඉන්දියාව සමඟ ද යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු තව දුරටත් තියා සිටියේය.

කලක් වියත්මග සමග සමීපව කටයුතු කළ දයාන් ජයතිලක මහතා මෑතකදී සමගි ජනබලවේගය පක්‍ෂයේ ආරාධිත දේශනයක්ද පැවැත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස