මුස්ලිම් දේහ ආදාහනය කරන අයගෙන් පළිගන්නවා…! දේහයට වේදනාව දැනෙනවා…! – සාලි…

January 6, 2021 at 8:39 am | by emanisa.lk

මුස්ලිම් මෘත දේහ ආදාහනය කරන සියලු දෙනාට ම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි සඳහන් කරයි.

ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බව ද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇත්තතේ පසෙන් බවත් නැවත පසට ම පොහොර විය යුතු බවත් තම ආගමේ උගන්වා ඇතැයි ද ඔහු පැවසීය.

ආදාහනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බව ද ඔහු කියයි.

සාලි මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස