ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් නව මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.
සෞභාග්‍යයේ දැක්ම යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ප්රතිප්ති සහ සංවර්ධන කාර්ය ඔස්සේ අපේක්ෂිත කාර්ය භාරය සහ අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නිසි ලෙස ජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණ බව කියවේ.
වර්තමාන මාධ්‍ය ඔස්සේ එම කාර්ය සිදු නොවන හෙයින් නව ආයතනයක අවශ්‍යතාව ඇති බව ඇමතිවරයා පෙන්වා දී ඇත.
ජාතික සංවර්ධන මාධ්‍ය ආයතනය යනුවෙන් එම ආයතනය නම් කර ඇති අතර ඉදිරි දිනවල දි එයට අවශ්‍ය බඳවා ගැනීම් හා පහසුකම් සැලසීම සිදුකරනු ඇත.