කොල්ලුපිටියේ “සිද්ධියක් වෙච්චි කාර් එක” මගේ නෙවෙයි…! මං කාර් එකේ හිටියෙත් නෑ…! කැටිපේ පොලිසි යයි….

January 4, 2021 at 5:45 pm | by emanisa.lk

කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහනයක් තුළ සිදු වූ බව කියන අයථා ලිංගික කටයුත්තක් සඳහා තමා ඇඳා ගෙන සිය කීර්ති නාමයට හානිකිරීමට එරෙහිව විමල් කැටිපේආරච්චි පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම සිද්ධියට තමන් හෝ තමන්ගේ වාහනය හෝ කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවත් එම අසත්‍ය පුවත බෙදා හැරි වෙබ් අඩවියට එරෙහිව අදාළ පැමිණිල්ල ගොනු කළ බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

තම අනුදැනුමකින් තොරව තමන්ගේ ඡායාරූපයක් ද අවභාවිත කරමින් තමන්ගේ යයි හැඟී යන ආකාරයට මෙම පුවත නිර්මාණය කර ඇති බවත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටින බව එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස