හෝමාගම රෝහල් මෝචරියේ කොරෝනා මෘතදේහ 05ක් කුණුවෙයි…! ඥාතීන් පෙට්ටි ලබා නොදෙයි…! රජයේ ප්‍රතිපාදනත් නෑලු….!

January 4, 2021 at 3:06 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ පවසයි.

තැන්පත්ව තිබෙන සියලු ම මළ සිරුරු මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ ය. ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යවරයි පැවසුවාය.

වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් ව තිබීමෙන් වෛරසය පැතිරීමට හේතුවක් වී ඇතැයි වෛද්‍යවරිය කීය .

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුළ ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කර ඇත.

එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිල දී ගැනීම සඳහා ප්‍රතිපාදන නොමැති වීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත් කර තිබීම සියලු ම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස