මෘතදේහ පිළිබඳ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට….!

January 4, 2021 at 12:11 pm | by emanisa.lk

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි විසින් එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම කමිටුව මගින් කොන්දේසි සහිතව භූමදානය මෙන් ම ආගමික කටයුතු සඳහා ද අවසර ලබා දීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලය එම වාර්තාවට අවධානය යොමු කිරීමෙන් පසු අවසාන තීරණයකට එළැඹීමට නියමිත ව තිබේ.

මෙම කමිටුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා පත්කරනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *