අප්‍රේල් මාසේ ආදාහන තීන්දුව ගත්තේ මමයි…! එය මාස හයකින් සංශෝධනය කරන්න පුළුවන්…!

January 3, 2021 at 12:46 pm | by emanisa.lk

කොරෝනා මර්දදනයට තමා යළි කැඳවන බව කීව ද තවමත් ඒ බවක් පෙනෙන්නට නැතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අනිල් ජාසිංහ පවසයි.

මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ය.

“අප්‍රේල් මාසයේ  මං නිකුත් කළ ගැසට් නිවේදනය තවම වලංගුයි. කොරෝනා ආරම්භයේදී පැවැති තත්ත්වය අනුව තමයි මෘතදේහ සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබාගත්තේ.

කොවිඩ් වැඩපිළිවෙළේ දී අපි අවදානමක් නොගත යුතුයි. මාස හයකට පසු එළැඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන මෙය සංශෝධනය කළ හැකි බව ගැසට් නිවේදනයේ තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි.”

අරුණ පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *