කොරෝනා මෘතදේහ භූමදානයට අවසර හිමි වෙයි…

January 1, 2021 at 9:46 am | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර හිමි වෙයි…කොරෝනා මෘත දේහ ආදාහනය හෝ භූමදානය යන විකල්ප දෙකට ම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට රජය විසින් පත්කරන ලද දෙවන විද්වත් කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.

අදාළ වාර්තාව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාර දුන්න ද ඇමතිවරිය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

ඒ අනුව ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මෙම කමිටු දෙකේ සාමාජික පිරිස මුණගැසී සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකඟතාවකින් තොරව ඊයේ එම සාකච්ඡා අවසන් වී ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *