මාවනැල්ලේ බුදු පිළිමයට හානි කළැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට…! පරීක්ෂණ දිගට ම…!

December 30, 2020 at 2:04 pm | by emanisa.lk

මාවනැල්ල හිඟුලේ බුදු පිළිම වහන්සේ තැන්පත් කළ කුටියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයකු ඊයේ (29) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මාවනැල්ල පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර කොළඹ මාර්ගයේ හිඟුල නගරයේ පිහිටි මෙම බුදු පිළිම වහන්සේ තැන්පත් කර ඇති කුටියේ ඉදිරිපස වීදුරුව යම් පුද්ගලයකු විසින් පෙරේදා (28) රාත්‍රියේ පහරදී හානි කොට තිබූ අතර මේ පිළිබඳව ඊයේ සිට පොලිස් කණ්ඩායම් කිහිපයක් ම අංශ කිහිපයකින් ම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස