උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යුහයක් සහිත විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.
ප්‍රාන්ත සභා වෙත නීතිය හා සාමය, ඉඩම් ඇතුළු පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවත් පළාත් ආණ්ඩුවල පූර්ණ බලය ප්‍රධාන ඇමැතිවරයාට හිමි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේ ද මහ ඇමැතිවරයාගේ උපදෙස් මත බවත් දෙමළ ජාතික සන්ධානය එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානය මගින් සකස් කළ පිටු 21කින් සමන්විත මෙම යෝජනාවලිය එම සන්ධානයේ දේශපාලන පක්ෂ ත්‍රිත්වයේම නායකයන්ගේ අනුමැතියෙන් විද්වත් කමිටුව වෙත ඊයේ (29) භාර දී තිබිණි.
නව ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂා බවට නම් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි ද යෝජනා කර ඇත. එම යෝජනාව මගින් ඇමැති මණ්ඩලය අගමැතිවරයාගේ උපදෙස් මත පත් කළ යුතු බවට ද ඇමැති මණ්ලයේ ප්‍රධානියා අගමැතිවරයා විය යුතු බවට ද යෝජනා කර තිබේ.
ඊට අනුව ප්‍රධාන ඇමැතිවරයාට ප්‍රාන්ත සභාවේ අවසරය සහිතව හදිසි නීතිය පැනවීමට හැකි විය යුතුය. පොලිසිය ද ප්‍රාන්ත ආණ්ඩු යටතේ පාලනය විය යුතුවේ. ප්‍රාන්ත කේන්ද්‍රගත වන ආකාරයේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක් ද විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය එම යෝජනාවලියෙන් තව දුරටත් යෝජනා කර තිබේ.