ඊළම පස්සේ ගියොත් කිසිවක් ලැබෙන්නේ නෑ! ආණ්ඩුවට දෙන දේකින් සැනසෙමු! – ගෝඨාගමනයත් සමග ආනන්ද සංගරී හිත හදා ගනී…

December 14, 2020 at 11:24 am | by emanisa.lk

උතුරු නැගෙනහිර දෙමළ ප‍්‍රශ්නයට හා ජනවාර්ගික ප‍්‍රශ්නයට නියම විසඳුමක් ලබා ගැනීමට වත්මන් දෙමළ නායකයින්ට කිසිසේත් හැකියාවක් නොමැති බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.

කිලිනොච්චියේ දී පසුගිය 11 වෙනිදා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ 1948 වසරේ සිට දෙමළ දේශපාලන නායකයින් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ නායකයින්ගේ යෝජනා හා ඉල්ලීම් ඉතාම බරපතළ වූ බැවින් කිසිදු රජයක් ඒ දෙස නොබැලූ බවයි.

බහු වාර්ගිකයින් ජීවත් වන රටවල මෙවැනි අර්බුද විසඳා ගැනීම සඳහා තනි හෝ වෙනම පාලන ක‍්‍රමයක් කිසිසේත්ම සුදුසු නොවන බවත්, කිසිදු පාලකයකුට එවැනි විසඳුමක් ලබා දීමට හෝ ඊට කැමති වීමට නොහැකි බවත් කී ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානය විසින් ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කෙරෙන අන්දමට ඉදිරිපත් කරන විසඳුම ඉවත ලා රජයකට ලබාදිය හැකි විසඳුමක් ඉල්ලා සිටිය යුතු බවද සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පරිණත දේශපාලන නායකයින් කීප දෙනකු ඉතිරිව සිටින මෙවැනි අවස්ථාවක රජයෙන් ලබා දෙන යමක් පිළිගෙන කටයුතු නොකරන්නේ නම් ළා බාල දෙමළ දේශපාලනඥයින්ට අනාගතයේ දී කිසිවක් නොලැබෙන බව ප‍්‍රකාශ කළ ආනන්ද සංගරී මේ තත්ත්වය නිසා ඉදිරියේදී බිහිවන දෙමළ පුරවැසියන්ට පවා මේ ප‍්‍රශ්නය ඉතිරි වන බව ද ප‍්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස