කොරෝනා නිවාරණ දේශීය ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කර්මාන්ත ඇමැති වීරවංශ විසින් යන්ත්‍රයක් ලබා දී තිබේ.
කර්මාන්ත අමාත්‍යංශ නිලධාරී පිරිසක් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසේ මෙම යන්ත්‍රය සවි කර ඇත.
ධම්මික බණ්ඩාර වෙද මහතා මෙතෙක් අදාළ ඖෂධය නිෂ්පාදනය සඳහා සාදික්කා අඹරා ඇත්තේ සිය නිවසේ මුළුතැන්ගෙයි තිබූ බ්ලෙන්ඩරය මගිනි.
මෙතැන් සිට එම කටයුතු මහා පරිමාණයෙන් කිරීම සඳහා ද අවස්ථාව හිමි වන අතර වෙද මහතා ඇමැතිවයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නිෂ්පාදනය කර තිබේ.