ජනතාවට නොදෙන කොරෝනා පැණිය කතානායකට! කතානායක සහ මැති ඇමති පිරිසක් එතැනම පානය කරති!

December 10, 2020 at 6:03 pm | by emanisa.lk

කොරෝනා රෝගය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය අද (10) කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදී තිබේ.

පසුගිය දා එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට පසුව තීරණය කෙරුණි.

කෙසේ වෙතත් එලෙස අත්හිටුවීමට තීරණය කළ එම ඖෂධය අද මහජන නියෝජිතයින්ට ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස