කොරෝනා ඔසුව ගන්න ධම්මික බණ්ඩාරගේ නිවසට ජන ගඟක්! තදබදය පාලනයට පොලිසියත් යොදවයි!

December 8, 2020 at 10:29 am | by emanisa.lk

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටින බව දැක්වෙන පින්තූර සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටින බව ද සඳහන් වන අතර ජනතාව සහ වාහන තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බව දක්නට ලැබෙයි.

අතිවිශාල ජනතාවක් බොහෝ වේලාවක් දිගු පෝළිමක සිටිනු දැකගත හැකි අතර මේ හිමිදිරි පාන්දර බව ද පින්තූරවලින් තහවුරු වෙයි.

අදාළ ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කළ නිරෝගී අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස