ජනපති විශිෂ්ට තීන්දුවක් ගනී! කොරෝනා හෙළ බෙහෙතට අනුමැතිය! පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන්..!

December 2, 2020 at 5:58 am | by emanisa.lk

කොරෝනා වෛරස් රෝගය සුවපත් කිරීම සඳහා හෙළ වෙදැදුරු ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී ඇත.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම දේශීය ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු පූර්ණ රාජ්‍ය මට්ටමින් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ‍ඉදිරි කටයුතු රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට ද ඔහු දැනුම් දී ඇත.

එම පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අවශ්‍ය වන සෙසු රාජ්‍ය ආයතනවල පූර්ණ සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇත.

එම ඖෂධය පළමු අත්හදා බැලීම් දෙකේ දී ම 100%ක් සාර්ථක විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *