ජනාධිපතිතුමාගේ රට හදමු සංකල්පය යටතේ රාජ්‍ය ආයතනවල දේපළ හා උපකරණ අරපිරිමැස්මෙන් සහ අඩු වියදමකින් යුතුව පරිහරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සුවිශේෂී පියවරක් ජලසම්පාදන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්කර තිබූ අමාත්‍යාංශය සතු වාහන නැවත නිසි ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර භාවිතයට ගැනීමේ වැඩසටහනක් අරඹා තිබේ.
එහි ප්‍රථම පියවර වශයෙන් වාහන විවිධ දෝෂ නිසා භාවිතයෙන් සම්පූර්ණයෙන් බැහැර කර තිබූ ලක්ෂ දෙසීයකට වඩා වැඩි වටිනාකමක් සහිත නිසාන් පෙට්‍රල් වර්ගයේ ජීප් රථයක් රාජගිරිය නාවල පාරේ පී.ආර්.හොල්ඩින්ස් ආයතනය මහජන සේවාවක් සේ සලකා ඉතාමත් අඩු මුදලකට අමතර කොටස් සඳහා වැයවන මුදල පමණක් අය කරමින් ඉංජිනේරු උපදෙස්වලට අනුව අලුත්වැඩියා කර අමාත්‍යාංශය වෙත නැවත භාර දී ඇත.