දේශපාලකයින් සහ ප්‍රභූන් කොරෝනා අවදානමේ! ප්‍රභූ ආරක්ෂකයින් 44කට STF 264කට කොරෝනා!

December 5, 2020 at 11:05 am | by emanisa.lk

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයින්ගේ සමස්ත ගණන 1277ක් බව ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු සුව වී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *