ගල්නෑව පොලිස් බල ප්‍රදේශයට අයත් නෑගම ගව ඝාතකාගාරයේ ගැබිනි එළදෙනකු මරා මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලීසිය පවසයි.
එම ඝාතකාගාරයේ ගැබිනි එළදෙනකු මරා මස් කරන බවට පොලීසියට ලද ඔත්තුවකට අනුව වැටලීම සිදුකළ අවස්ථාවේදී එළදෙනගේ බෙල්ල කපා හම ගසා තිබූ අතර ඒ වන විට මස් තොගය දඟලමින් තිබු බව ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර පැවසුවේ ය.
පොලීසිය විසින් ගල්නෑව පශු වෛද්‍යවරයාට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මරා දමා ඇත්තේ මාස පහක පමණ ගැබිනි එළදෙනකු බව සනාථ කර ඇත.
පොලීසිය විසින් උදරය පලා වසු පැටියා එලියට ගෙන ඇත. මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු සහ එළදෙන මැරීමට භාවිත කළ පිහි දෙකක් සහ පොරවක් අත්අඩංගුවට ගනු ලැබී ය.
ගල්නෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර, උප පොලිස් පරීක්ෂක සංකල්ප, පොලිස් සැරයන්වරුන්වන හේරත් (42100), මාරසිංහ (38801), විජේරත්න (39340), පොලිස් කොස්තාපල් ජයසුන්දර (19373) යන නිලධාරින් විසින් වැටලීම සිදුකරනු ලැබී ය.
සැකකරුවන් කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.