ජනාධිපති ෆේල් වුණොත් රට ම ෆේල්! ඩීල් නැතිව සහාය දෙන්න අපි සූදානම්! – හරීන්

November 18, 2020 at 1:28 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සඳහා සමගි ජනබලවේගය පූර්ණ සහයෝගය ලබා දීමට සුදානම් බව හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු සඳහන් කරන්නේ නිලතල වරප්‍රසාදවලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහය ලබාදීමට
සමගි ජනබලවේගය සුදානම් බවය.

“ආණ්ඩුව ගේන ඕන ම හොඳ යෝජනාවකට අපි සහාය දෙන්න සූදානම්. හැබැයි ඩීල්වලට අපිට සහභාගී වෙන්න බෑ. ඒවා අස්සෙන් ගහල එන ඒවටත් අපිට සහය දෙන්න බෑ.

හැබැයි ජනාධිපතිතුමා අපිට ආරාධනා කළොත්, ඉදිරි මාස 6යේ මෙන්න මගේ වැඩපිළිවෙළ. මෙන්න මේකයි මගේ අධ්‍යයනය මේ සම්බන්ධයෙන්. ඒ නිසා එකතුවෙලා වැඩකරමු කිව්වොත් අපි කැමතියි.

එතකොට අපේ නායකවරු කිහිපදෙනෙක් ගිහිල්ලා කණ්ඩායමක් හැටියට අපිත් මේ වගකීමේ කොටසක් අරගෙන ජනතාව වෙනුවෙන් යමක්කරයි, එහෙම නැතුව තනතුරු වරප්‍රසාද ගන්න නෙමෙයි. මොකද එතුමා ෆේල් වුණොත් රටක් හැටියට අපි ෆේල්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස